Home | Contact Us | Site Map

banner

Textsize - Large Medium Small 

About Us Research Publications Training Topics News Resources
You are here :  Home > Latest News > Press Release SEARCH IHP find
  
ABOUT US
RESEARCH
PUBLICATIONS
TRAINING
TOPICS
NEWS
  • Latest news
  • Latest press releases
  • All news
  • All press releases
  • RESOURCES
      
    >> Download font
    2009 පෙබරවාරි 17 වන අඟහර‍‍ැවාදා දින : කොළඹ

    ජී8 කණ්ඩායම සඳහා ජපන් වාර්තාව එළිදැක්වීම
    ගෝලීය සෞඛ්‍යය නඟා සිටුවීම සදහා මූල්‍ය අර්බුදය භාවිතා කරන ලෙස ශී‍්‍ර ලාංකික විශේෂඥයෝ ජී8 රටවලට නිර්දේශ කරති

        වහාම ප‍්‍රකාශයට පත් කිරීම සඳහා

    ධනවත් රටවල සහයෝගය ඇතිව පවත්නා සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීම පිළිබඳව මෙන්ම සම්පත් වැඩි කිරීම අවධානය යොමු කරමින් සෞඛ්‍යය පහසුකම් ජාලය වැඩි දියණු කිරීමට ලද අවස්ථාවක් ලෙස ලොව වටා වන රාජ්‍යයන් වත්මන් මූල්‍ය අර්බුදය දැකිය යුතුය.

    මෙය ජපානයේ හිටපු සෞඛ්‍යය කම්කරු සහ ශුභසාධන අමාත්‍ය කයිසෝ ටකෙමිගේ නායකත්වයෙන් ජපන් රජය සහ එහි අගමැතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ඉහළ මට්ටමේ විශේෂඥ කාර්ය බලකා වාර්තාවේ ප්‍රධාන නිගමනය වේ. ජී8 කණ්ඩායමට අඩු ආදායම් රටවල සෞඛ්‍යය තත්ත්වය වැඩි දියණු කළ හැකි ආකාරයට නිර්දේශ සැපයීම සඳහා වූ බලතල සහිත ටකෙමි කාර්ය බලකාය සංවිධානය කරන ලද්දේ ජාත්‍යන්තර විනිමය පිළිබඳ ජපන් මධ්‍යස්ථානය (JCIE) මගිනි. ජී8 යනු ලෝකයේ ප්‍රධානම කාර්මික රටවල් 8 වේ.

    ටකෙමි වාර්තාව ජපානය, එක්සත් ජනපදය හා එය කරන ලද්දේ ප්‍රධාන ජාත්‍යන්තර සෞඛ්‍යය විශේෂඥයන් කණ්ඩායමක් විසින් පිළියෙල කරන ලද අතර සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධීකරණය කිරීම, සෞඛ්‍ය කාර්ය බලකාය, සෞඛ්‍ය තොරතුරු සහ සෞඛ්‍ය මූල්‍ය සම්පාදනයෙහි ඇති ගැටළු පිළිබඳ සොයා බැලීමෙන් අනතුරුවය. සාමාන්‍ය කි්‍රයාපටිපාටියට අමතරව, එම කාර්ය බලකාය විසින් මූල්‍ය අර්බුදය විශ්ලේෂණය කිරීමේ වගකීම සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ (IHP) ශී‍්‍ර ලාංකික විශේෂඥයන් වෙත පවරන ලදි. ශී‍්‍ර ලංකාවේ ප්‍රධාන සෞඛ්‍ය විශේෂඥයන් මෙසේ ලංකාවේ ඇතිබ‍වට පිළිගැනීමට ලක් කිරීම IHP මහත් සේ අගය කරන බවට වෛද්‍ය රනන්-එළිය මහතා අදහස් පළ කළේය.

    “අප දන්නා පරිදි ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය අංශයේ ඇති ප්‍රධාන ප්‍රශ්නය මුල්‍ය සම්පාදනයයි. හොඳ ප්‍රතිපත්ති අනුගමනය කළහොත් හැර සෞඛ්‍ය පද්ධතිය කි්‍රයාත්මක වන බවට හෝ දිළිඳු අයට වෛද්‍ය පහසුකම් ඇති බවට හෝ වග බලා ගැනීම අපහසුයි“ වෛද්‍ය රනන්-එළිය මහතා පැවසීය. “ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතිය වැඩි දියණු කිරීමට මුදල් රැස් කිරීමේ ක්‍රමය විය යුත්තේ මහජන මුදල් මත රඳා පැවතීමයි. මහජන මුදල් වැය කිරීමට ලංකාවේ මෙන් බදු අය කිරීම හෝ ජපානයේ මෙන් සමාජ සෞඛ්‍ය රක්ෂණය ඇතුළත් විය හැකියි. ජී8 රටවල් මෙම මුලධර්මයට එකඟ වන ලෙසත් එවැනි ප්‍රතිපත්ති අනුගමනය කිරීමට කැමති සංවර්ධනය වන රටවලට සහාය වීමට පියවර ගැනීමට එකඟ වන ලෙසත් අපි නිර්දේශ කර ඇත. මෙයට අපි ශී‍්‍ර ලංකාවේ දී වසර පනහකට පෙර සිදු කළ ආකාරයට රජයේ සෞඛ්‍ය සේවාවන් විසින් අය කරන භාවිත ගාස්තුව අවලංගු කිරීමට කැමති රාජ්‍යයන්ට සහාය වීමද ඇතුළත් විය යුතුයි.“

    වාර්තාවට අනුව වත්මන් මූල්‍ය අර්බුදය හේතුවෙන් සෞඛ්‍යය සදහා වු අයවැ‍යේ කපා හැරීමේ අවදානමක් ඇතැයි ජනතාව බියට පත්ව ඇතැයි හදුනාගෙන ඇත. එහෙත් මෙම අර්බුදය අසාමාන්‍ය බවත් ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය ලොව පුරා රටවලට වියදම් වැඩි කරන ලෙස උපදෙස් දී ඇති බවත් එයින් කියැවේ. රටවල් සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීම පිළිබඳ සලකා බැලීමට වැඩියෙන්ම කැමති වන්නේ වෙ‍ෙළඳපළ අසාර්ථක වී ඇති මෙවැනි කාලවල බව වෛද්‍ය රනන්- එළිය කියයි: දැන් මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු වෙමින් පවති. ඇමෙරිකානු ජනාධිපතිගේ ප්‍රතිසංස්කරණ මඟින් සෞඛය පද්ධතියට මහජන මුදල් ලැබීමේ වැදගත් කම ‍ ගෝලීය අවදානමට ලක්වනු ඇතැයි අප සිතමු.

    ජුලි මාසයේ ලා මද්දලේනා නම් කුඩා ඉතාලි දුපතේ පැවැත්වීමට නියමිත 2009 සමුළුවේ න්‍යාය පත්‍රයට බලපෑමක් කිරීමට ජී8 කණ්ඩායමේ ඊළඟ සභාපතිවරයා අපේක්ෂා කරන හෙයින්, මෙම නිර්දේශ සහ අනෙකුත් නිර්දේශ ජපානය විසින් ඉතාලි රජයට භාර දෙනු ඇත. “ජපන් අගමැතිවරයා සහ ජී8 වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ශී‍්‍ර ලංකාවේ පවා සම්ප්‍රදායක නොවන ආකාරයට අදහස් ලබා ගැනීම ගැනත් එම ජනතාවගේ සෞඛය වැඩි දියණු කිරීමට සංවර්ධනය වන රටවල් සමඟ වැඩ කිරීමට ජපානය දැඩි කැප වීම ගැනත් අප ‍‍බෙහෙවින් සතුටට පත් වු බව වෛද්‍ය රනන්- එළිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    නිමි.

    සංස්කාරකවරුන් සඳහා සටහන්:

    • වැඩිදුර තොරතුරු හෝ සම්මුඛ සාකච්ඡා සඳහා කරුණාකර (011) 231-4041/2/3 අංකය ඔස්සේ IHP මාධ්‍ය කාර්යාලය අමතන්න.
    • JCIE වාර්තාව JCIE website හිදී ලබා ගන්න.
    • IHP-JCIE ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර IHP website මඟින් ලබා ගත හැකිය.
    • අටේ කණ්ඩායම (ජී8) ප්‍රමුඛ පෙළේ සංවර්ධිත රටවල් අටක රාජ්‍යයන්ගේ සංසදයකි. එම රටවල් නම්: කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, එක්සත් රාජධානිය, සහ ඇමරිකා එක්සත් ජනපදය වන අතර ඒවායේ රාජ්‍යයන්හි ප්‍රධානීන් වාර්ෂිකව ජී8 සමුළුවේදී රැස් වේ. ජී8 නායකත්වය 2008 වර්ෂය තුළ දරන ලද්දේ ජපානය විසින් වන අතර 2009 දී එය ඉතාලිය වෙත පැවරිනි.
    • පති්‍රකාවල මුල් අනුවාදයක් ජනවාරි මාසයේදී ලැන්සෙට් හිදී ලෝක සෞඛය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වන මාර්ගරට් චෑන් ගේ අදහස් සහිතව පළ කරන ලදි: (එම් ආර් රීච්, කේ. ටකෙමි, ජී8 සහ සෞඛය පද්ධතිය ශක්තිමත් කිරීම: ටෝකියෝ සමුළුව දක්වා පසු විපරම් කරන ලදි. ලැන්සෙට් 2009: 373: 508–15); එය The Lancet (DOI:10.1016/S0140-6736(08)61899-1). හිදී අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකිය.

    IHP පිළිබඳව:
    සෞඛය ප්‍රතිපත්ති ආයතනය ස්වාධීන, ලාභ නොඋපයන පර්යේෂණ මධ්‍යස්ථානයකි, එමෙන්ම විශිෂ්ට සෞඛය ප්‍රතිපත්ති පිළිබඳ කලාපීය මධ්‍යස්ථානයකි, එය ගුණාත්මක පර්යේෂණ, විශ්ලේෂණ සහ පුහුණුව තුළින් ප්‍රතිපත්ති වෙනස්කම්වලට සහාය දෙමින්, ධෛර්යමත් කරමින් සහ දැනුම් දෙමින් ශී‍්‍ර ලංකාව තුළ පුළුල් කලාපයක සෞඛය සහ සමාජ පද්ධති වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කරනු ලබයි.

    Download Version

    Copyright 2006© IHP. All rights reserved.
    For more information about IHP email
    Last updated: 18.03.2009 .